අලුත් වෛද්‍ය සංගමයක් පිහිටුවීමේ තැතක් – වෛද්‍ය හරිත අලූත්ගේ

doctor-415x260

නව වෛද්‍ය සංගමයක් පිහිටුවීමට  සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න උත්සාහ දරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ සදහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මූලස්ථානයේදී ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.

තමන් නව වෛද්‍ය සංගමයක් පිහිටුවන බවට කරනු ලබන චෝදනා වල කිසිදු සත්‍යතාවයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අවධාරණය කර සිටියි.

කෙසේ වෙතත් ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමය නමින් නව වෛද්‍ය සංගමයක් පිහිටුවා ඇති අතර ඔවුන්ගේ මංගල මාධ්‍ය හමුව හෙට (19) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීමටද නියමිතය.