සෝමපාල රත්නායක

somapala-rathnayaka

ප්‍රවීණ සංගීත නිර්මාණ ශිල්පියක් වන සෝමපාල රත්නායක අද(18) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඔහු  69 වැනි වියේ පසුවිය.

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක්  හේතුවෙන් ඊයේ(17) කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් පසුව හෙතෙම අද(18) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. ඔහුගේ දේහය වත්තල, උස්වැටකෙයියාව පිහිටි නිවසේ තැන්පත් කර ඇත.

සංගීත නිර්මාණ ශිල්පි සෝමපාල රත්නායක ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායකගේ සොහොයුරෙක්ද වේ.

හන්තානේ කතාව, හඳයා. දුටුගැමුණු කාටුන් චිත්‍රපටය සහ උතුමාණනී, සාගරයක් මැද, කොටි වළිගය, නොමියෙන මිනිස්සු මෙන්ම අන්තිම රැය ඔහුගේ සංගීත අධ්‍යක්ෂණය කරන ලද  චිත්‍රපට කිහිපයකි.