අන්තර්ජාලය අවභාවිත කිරීම

Internet

මෙම වසරේ ජනවාරි සිට ජූනි දක්වා අන්තර්ජාලය අවභාවිත කිරීම සම්බන්ධ පැමිණිලි 1600 ක් පමණ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) වෙත ලැබී ඇතැයි එම සංසදය පවසයි.

මෙම පැමිණිලි වලින් සියයට අසුවක් පමණ පැමිණිලි ව්‍යාජ ෆේස් බුක් ගිණුම් සම්බන්ධ පැමිණිලි යැයිද, ඊට අමතරව  අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අ‍ලෙවි කිරීමේ කිරීමේ නිරත  ආයතන ලෙස පෙනී සිටිමින් කූට ලෙස මුදල් වංචා කිරීම් සම්බන්ධ පැමිණිලි කිහිපයක්ද ලැබී ඇතැයිද එම සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සදහන් කරයි.

කෙසේ වෙතත් අන්තර්ජාල ගණුදෙණු  සහ සේවා සදහා යොමු වීමේදී ව්‍යාජ පුද්ගලයින් සහ ආයතන සමග සම්බන්ධ නොවීමටත් ඒ බව බව තහවුරු කර ගැනීමටත් ක්‍රියා කරන්නැයි හෙතෙම ඉල්ලීමක් කරයි.

එසේම පරිගණක වෛරස සම්බන්ධයෙන් තම සංසදය නිරන්තර අවධානයෙන් සටින බවද ප්‍රධාන තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරුවරයා අවධාරණය කරයි.

සෑම විටම තම තොරතුරු වල තවත් පිටපතක් ලග තබා ගැනීම සහ සැක සහිත විද්‍යුත් පණිවිඩ විවෘත නොකිරීම මෙන්ම තම ප්‍රති වෛරස් මෘදුකාංග නිතර යාවත්කාලීන කිරීමෙන් පරිඝණක වෛරස් මගින් සිදුවන හානිය අවම කරගත හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.