දෙවෙනි ඉනිම ශතකයකින් ඇරඹූ නයනතාරා

04-3

මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය යුවතිය වෙන කිසිවෙකුත් නොව ඈය.දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යය හරහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගැනිමින් රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය වීමට වාසනාවන්ත වූ ඇය නයනතාරා වික්‍රමාරච්චිය.අද බොස්ටන් ලංකා සමඟ කතා බහට ඇය එක්වෙයි

නයනතාරා කියන්නද දෙව්මි කියන්නද ?

(සිනා) කැමති නමක් කියන්න

ඉතිං කොහොමද ? මොනවද අලුත් විස්තර ?

හොඳින් ඉන්නවා,දෙවෙනි ඉනිම රූගත කිරීම් එක්ක ඒ වගේම චිත්‍රපටයක හඬ කැවීමේ වැඩ එක්ක මේ දිනවල වැඩ කටයුතු කෙරීගෙන යනවා.වෛද්‍ය කපිල සූරිය ආරච්චි මහතාගේ සිනමා නිර්මාණයක් එය.වෙනස් විදිහේ අත්දැකීමක් වෙයි එය ප්‍රේක්ෂකයන්ට.

02-7

ඔබ රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියතම නිළිය, ආස නැද්ද දක්ෂතම නිළිය වෙන්න ?

ඇත්තටම ආසයි.ඒ වගේම හොඳ නිර්මාණ එක්ක,මගේ යම්කිසි දක්ෂතාවයක් තියෙනවානම් ඒ දක්ෂතාවයත් එක්ක සහ හැදෑරීම් එක්ක දවසක දක්ෂතම නිළිය වෙන්න ආසයි.

19554588_1903472643237234_7061970698298926206_n (1)

එදා ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය සම්මානය සඳහා ඔබ හා තරඟ වැදුනේ ශනුද්‍රි.හදිසියේ හරි එයාට සම්මානය ලැබුණනම් ?

හදවතින්ම සතු‍ටු වෙනවා මම.ඒ වගේම සුබ පතනවා හදවතින්ම.

ඔබ ටෙලි නිලියක් සේම සිනමා නිලියක්. කලාත්මක නිර්මාණයක රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් බාර ගන්නවද ?

ඔව්,මම දැනටමත් කලාත්මක නිර්මාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.මම හිතන්නේ ඒ නිර්මාණය මේ වෙනකොට විදේශීය සිනමා උළෙලවල් සඳහා යොමු කරමිනුයි පවතින්නේ.ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා අනුරුද්ධ ජයසිංහ මහතා.එය සම්භාව්‍ය මට්ටමට ගැනෙන නිර්මාණයක්.එය ප්‍රේක්ෂකයන් අතරට එයි ඉදිරියේදී.

Nayanathara-Wickramarachchi-Deweni-inima-Actress-3

ඒ කියන්නේ බහුතරයක් දෙනා කියන රංගනයේ “සීමාව ” ඔබ අතික්‍රමණය කරන්න සූදානම් කියන එකද ?

රංගනය කියන දේ මම දකින්නේ ඉගෙනගෙන ඉවරකරන්න බැරි දෙයක් විදිහට.හැමදාම අපි හිතනවානම් අපිට ලැබෙන සම්මාන හෝ මිනිස්සුන්ගේ ආදරය හෝ වේවා ලැබෙන්න ලැබෙන්න තව හිතන්න පුළුවන්නම් නෑ මේක නෙවෙයි අපේ උපරිමය කියලා ඒ තාක් අපේ ඉදිරි නිර්මාණ සාර්ථක වෙනවා කියලා.

මම පොඩ්ඩක් බාධා කරලා මෙහෙම අහන්නම්,ඒ කියන්නේ නයනතාරා සූදානම් කේට් වින්සල්ට්,ජෙසිකා ඇල්බා වගේ විශිෂ්ට රංගන ශිල්පිනියන් මෙන් දැවැන්ත අභියෝග බාර ගන්න ?

ඔවුන් රඟපෑ බොහෝ නිර්මාණ ඇත්තටම හරිම ලස්සනයි සහ කලාත්මකයි.මම ඉතිං සිංගල ගෑණු ළමයෙක්.අම්මෝ තාත්තා අකමැතිත් වුණා මම රඟපාන්න එනවට (සිනා) ඉතින් ලංකාවේ සංස්කෘතික පරිසරයේ හැදුනු වැඩුණු මට ඒ තරම් දේවල් කරන්න බැරිවෙයි. ඒත් නිරුවත් දර්ශන නොමැති එහෙත් අතිශයින්ම සුන්දර කලාත්මක නිර්මාණ තියෙනවා.උදාහරණ විදිහට ද බියුටිෆුල් මයිඩ් එහෙමත් නැත්නම් ශටර් අයිලන්ඩ්, 12 ඇන්ග්‍රි මෙන් වගේ නිර්මාණ.ඒ එක්කම ලංකාව පැත්තට හැරුණොත් බඹර වළල්ල,පුරහඳ කළුවර වගේ අතිශයින්ම සුන්දර කලාත්මක නිර්මාණ තියෙනවා. ඒ වගේ නිර්මාණයකට රංගනයෙන් දායක වෙන්න මම කැමතී

මේ වෙනකොට තරුණයන්ගේ සිහින කුමරිය ඔබ.. ඉතින් මොනවද තරුණයන්ට කියන්න තියෙන්නේ ?

මුලින්ම කියන්න තියෙන්නේ හරීම සතු‍ටුයි කියලා (සිනා ) හැමකෙනෙක්ටම ගොඩක් ආදරෙයි. පිරිමි ළමයි ඉතින් ගෑණු ළමයින්ට ආදරය කරන්නේ නැතිව කාට ආදරේ කරන්නද අප්පා ?? (සිනා) පවුනේ එයාලා.ඉතින් ඒ හැමෝටම මමත් ගොඩාක් ආදරෙයි.

ඒ කියන්නේ නයන්තාරගේ ආදරය ගත්ත කෙනෙක් මේ වෙනකොට නෑ කියලද කියන්නේ ?

අම්මෝ නෑ !!!  දැන් ඉතින් කියයි විස්වාස කරන්න බෑ කියලා (සිනා) .මට පිරිමි යාලුවෝ ගොඩාක් ඉන්නවා. යාලුවෝ වශයෙන් ආශ්‍රය කරන.හැබැයි ස්ථීරවම ආදරවන්තයෙක් කියලා ‍තෝරාගත්ත පිරිමි ළමයෙක් නෑ.යාලුවෝ තමයි ඉන්නේ ඉතින්

අවසාන වශයෙන් විශේෂයෙන් මතක් කළ යුතු අය ඉන්නවද ?

මේ වෙනකම් මේ තැනට එන්න එදා ඉඳලා උදව් කරපු හැමෝටම වගේම මගේ අම්මා තාත්තට.ඒ වගේම ටීවී දෙරණට .ඊට අමතරව මාත් එක්ක ‍රැඳිලා ඉන්න දයාබර ප්‍රේක්ෂක ඔබ සැමටමත් ස්තූතියි

සංඛ රඹුක්වැල්ල