නිදි නේනා ‍රැයක සියුම් ස්වරයක් ගෙනා කල්පනා කාවින්දී

19449415_1552295811510347_2109360950_o
By: Sanka Rambukwella
ඇය කල්පනා කාවින්දී බමුණුසිංහය.කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක් වන ඇය මේ දිනවල රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියතම ටෙලි නාට්‍යයට හිමි සම්මානය දිනාගත් දෙවන ඉනිම ටෙලි නාට්‍යයේ “නිදි නේනා” ගීතය මගින් සහෘද හදවතට සියුම් ස්වරයෙන් ආමන්ත්‍රණය කළ ගායිකාවයි.අද බොස්ටන් ලංකා ඇය හා කතා බහක යෙදෙයි
ඔබ සංගීත ක්ෂේත්‍රයට යොමුවන්නේ කොහොමද ?
පුංචි කාලේ ඉදලම ගෙදර තිබුනේ සංගීතමය පරිසරයක්..ඒ කාලෙ හැමදාම තාත්තා  මට සිංදු කියල දෙනවා පාසලේ උදේ රැස්වීමෙදී කියන්න..ගෙදරින් අරුනම මාව මුලින්ම අගය කලේ මගේ ගුරුවරු..ඒ පසු කාලීනව පාසලේ සමස්ථ ලංකා තරග ජයග්‍රහණ ලැබුනා මේවත් එක්ක හිතුනා කුමක් හෝ හැකියාවක් ඇති කියලා..ඒ උනන්දු කිරීම දිරි ගැන්වීම් එක්ක සංගීතයට ගොඩක් ආදරය කලා..ඒ කාලේ හිටපු ගායක ගායිකාවෝ ගැන චිත්‍රපටි ගැන තාත්තා මට නිතරම කිව්ව. හිතුනා මමත් කවදහරී ඒ වගේ කෙනෙක් උනොත් අම්මයි තාත්තායි  ගොඩාක් කැමති වෙයි කියලා…
19449415_1552295811510347_2109360950_o
විශ්ව විද්‍යාලයෙන් සංගීතය පිළිබඳව ලබන ශාස්ත්‍රීය අධ්‍යාපනය ගැන පොඩ්ඩක් කතා කළොත් ?
 
මේ වනවිට මං සොන්දර්‍ය කලා විශ්ව විද්‍යාලයේ උත්තර භාරතීය සංගීත අද්‍යන  අංශයේ 3 වෙනි වසරේ ඉගෙනුම ලබනවා උත්තර භාරතීය සංගීතය  කර්නාටක සංගීතය බටහිර සංගීතය ජන සංගීතය,සංගීත මනෝවිද්‍යව ඇතුලු ක්ශේත්‍ර විශාල ප්‍රමාණයක් එහිදී අද්‍යනය කරන්න ඉඩ පහසුකම් ලැබෙනවා.ඒ හැම දෙයක්ම  ඉගෙන ගන්න ලැබෙන එක ප්‍රායෝගිකව ගොඩාක් ප්‍රයොජනවත්..
අද ක්ෂේත්‍රයේ දකින්නට ලැබෙන්නේ තමන්ට අදාළ ක්ෂේත්‍රය පිළිබඳ නිසි හැදෑරිමක් නොමැතිව පැමිණි අය… මේ තත්ත්වය ක්ෂේත්‍රයේ ප්‍රගමනයට බලපාන්නේ කොයි විදිහටද
ඔබ වෘත්තීමය ගායන ශිල්පිනියක් ද ?
19578840_1552297298176865_34284350_o
උපතින් ගේන හැකියාවට අමතරව යම් ප්‍රමාණයකට හෝ දැනුමක් අත්දැකීමක් තියෙන එක ගොඩක් වටිනවා නිර්මානශීලීව දෙයක් කරන්න..තාම මං ඉගෙන ගන්නවානේ…. පුංචි කාලෙ ඉදලා ආසාවෙන් හිටියේ වෘත්තීමය ගායන ශිල්පිනියක් වෙන්න තාමා..මාද්‍ය ක්ශේත්‍රයේ රැකියාවක් කරන්නත් පොඩි ආසාවක් තියනවා…
කොහොමද දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ඔබ ගයන ගීතයට තිබෙන ප්‍රතිචාර ?
මුලින්ම මේ ගීතයට මාව තෝර ගන්න ඕන කියලා තීරණය කරපු ලක්සිරි සර්ට වගේම සංගීත නිර්මාණය කරපු නිමේශ් අයියාටත් ගීතය ලියපු ශෙහාන් අයියාටත් දෙරණ කාර්‍ය මන්ඩලයටත් ස්තූතියිවන්ත වෙන්න ඕන..හීනෙකින්වත් හිතුවේ නෑ ගීතයට මේතරම් පිරිසක් ආදරය කරනව ඇති  කියලා..මුහුනු පොතෙන් වගේම පාරට බැස්සත් මුන ගැහෙන හැමෝම මේ දවස් වල සුබ පතනවා.මේ ගීතයත් එක්ක මට තව අවස්ථා කිහිපයක්ම උදා උනා..හැංගී හැංගි එබිකම් කලා ගීතයට පස්සෙ මාව ගොඩාක් දෙනා හොයන්න පටන් ගත්තේ නිදි නේනා ගීතය ගැයුවට පස්සේ..
19578904_1552296021510326_2081261981_o
කවුරුත් දන්නේ නැද්ද තවම ඔබේ ආශාවන් ? 
කවුරුත් දන්නේ නෑ….
අනාගත බලාපොරොත්තු මොනවද ?
වැඩිදුර ඉගෙන ගන්න කැමතියි…ඒ වගේම ඉදිරියේදී හොද නිර්මාණය වලට දායක වෙන්න කැමැත්තෙන් ඉන්නවා..
විශේෂයෙන් මතක් කරන්න ඕන අය ඉන්නවද ?
හැමදාම මගෙ සෙවනැල්ල ශක්තිය උන මගෙ අම්ම තාත්තා  අක්කා අයියා වගේම කුඩා කල සිටම අකුරු  දුන්න ගුරුවරු මගේ නෑදෑයෝ කල්‍යාණ මිත්‍රයන්  ඇතුලු මට  වචනෙකින් හෝ උදව් කල හැම කෙනෙක්ම මතක් කරනවා..ඒ වගේම මට ආදරය කරන මගේ ගීත අහපු අහන හැම කෙනෙක්මත් ආදරයෙන් මතක්  කරනවා..