ශ්‍රී ලංකා තේ 150 උපන් දිනයට සැරසෙයි!

CeylonTea

ශ්‍රී ලංකා තේ මණ්ඩලයට එළඹෙන ජූලි 6 වන දිනට වසර 150ක් පිරීමට නියමිතය.

මේ වෙනුවෙන් සමස්ත ලෝකය පුරා එම රටවල වේලාවෙන් පස්වරු 5ට සැමරුම් උත්සවයක් පැවැත්වීමට සැළසුම් කර ඇත. ඒ අනුව ෆිජී දූපත් හා නවසීලන්තය යන රටවල ප්‍රථමයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්වෙනු ඇත.

කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය, තේ මණ්ඩලය, වාණිජ මණ්ඩලය සහ විදේශ කටයුතු අමාත්‍යංශය එක්ව මෙම අවස්ථාව සංවිධානය කරනු ලබයි.

මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කිරීම සඳහා මුද්දරයක්ද නිකුත් කිරීමට නියමිතය. ඊට අමතරව තේ කර්මාන්තය මෙරටට හදුන්වා දුන් ස්කොට්ලන්ත ජාතික ජේමිස් ටේලර්ගේ පිළිමයක්ද මීට සමගාමීව විවෘත කිරීමට නියමිතය.

මෙම සැමරුම් දිනය අවසානයේදී  තේ නිෂ්පාදනයට දායක වන ලොව පුරා විශේෂඥයන්ගෙන් හා කර්මාන්ත නායකයන් සහභාගී වනු ලබන ගෝලීය තේ සමුළුවක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 ශ්‍රී ලංකාව වසරකදී තේ කිලෝ ග්රෑම් මිලියන 350 ක් නිෂ්පාදනය කරන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝගයද වේ.

ජනගහනයෙන් ලක්ෂ දෙකකට අධික පිරිසක් තේ කර්මාන්තය ආශ්‍රිත රැකියාවල නියුතුව සි