ඉකුත් වසරේ අඩු වයස් ගැබ් ගැනීම් 455ක්!

teenage pregnancy

මාතලේ දිස්ත්‍රික්කය තුළ පසුගිය වසරේදී අඩු වයස් ගැබ් ගැනීම් 455ක් වාර්තා වී ඇතැයි දිස්ත්‍රීක් මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී ගංගා රත්නායක මහත්මිය පවසයි.

මාතලේ මහ දිසාපති ඩි පි ජි කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රීක්  ළමා හා කාන්තා සංවර්ධන කමිටුව අමතමින් වෛද්‍ය  රත්නායක මහත්මිය එසේ පැවසුවේ මාතලේ   දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීය.

අඩු වයස් ගැබ් ගැනීම් වැඩි වශයෙන් වාර්ථා වී ඇත්තේ දිස්ත්‍රීක්කයේ දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් වන ලග්ගල ,පල්ලේගම, විල්ගමුව හා අඹන්ගග කෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ බවත් එම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩ සටහන්  ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව එම මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේය.