කුරිරු යුද්ධයේ අමිහිරි අත්දැකීම් සිහිපත් කරනවා සේම යළිත් එවන් ඛේදවාචකයක් ඇති නොවන අයුරින් කටයුතු කරන්න- ජනපති

Maithripala-Sirisena
සියලු ජාතීන්ට සහ ආගම් වලට අයත් ජනතාව අතර සංහිඳියාව ගොඩනඟමින් රට තුළ ස්ථිරසාර සාමයක් ඇති කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ උදෙසා එක්වීම සියලු දෙනාගේ වගකීමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

දශක තුනක කුරිරු යුද්ධයේ අමිහිරි අත්දැකීම් සිහිපත් කරනවා සේම යළිත් එවන් ඛේදවාචකයක් ඇති නොවන  අයුරින් කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීමක් බව  ඔහු පවසයි.

කුමන විවේචන හමුවේ වුවද වත්මන් රජය කැපවී සිටින්නේ එවන් අභාග්‍යසම්පන්න සිදුවීම් වලින් රටත් ජනතාවත් ගලවා ගනිමින් සියලු ජන කොටස් සහෝදරත්වයෙන් සහ සංහිඳියාවෙන් ජීවත් වන සාමකාමී දේශයක් ගොඩනැඟීමට බව අරන්තලාව ජාත්‍යතර බෞද්ධ මධයස්ථානයේ පැවති ගුණ සමරු උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා  කියා සිටියේය.

එමෙන්ම අන්තවාදය සහ බලලෝභය අවසන් කරමින් මාතෘ භූමියේ ඉදිරි අනාගතය වෙනුවෙන් සහෝදරත්වයෙන් පෙළගැසීම සියලු දෙනාගේ යුග මෙහෙවර බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.