වකුගඩුවක් ඩැහැ ගන්නතුරු සෞදි රටේ සිරකර සිටින ශ්‍රී ලාංකික මවක්

Saudi maid

වකුගඩුවක් ගලවාගන්නා තුරු මෙරටට එන්නට නොදී සෞදි රටේ නිවසක සිරකරගෙන සිටින තම මව ගෙන්වා දෙන්නැයි කුඩා දියණියන් තිදෙනකු රජයෙන් ඉල්ලා සිටියි .

මෙසේ සවුදි නිවසක සිරකර ඇත්තේ දඹුල්ල, කණ්ඩලම පාර ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව් .ඩබ්ලිව් .ඉන්ද්‍රකාන්ති (36) තිදරු මවකි .මේ මව තමන් පත්ව ඇති අනතුර පිළිබධව ඉතා කෙටියෙන් සඳහන් කොට කුඩා වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලයට එක්කොට තිබිණි .එය දුටු කණ්ඩලම පාර ප්‍රදේශයේ පදිංචි තරුණයකු වූ කුමාර ඉහළගෙදර මහතා විසින් මේ කාන්තාවගේ නිවස සොයාගෙන ගොස් මේ බව මාධ්‍ය දැනුවත් කිරීමත් සමඟ මේ සිද්දිය අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ .

එමෙන්ම මෙම කාන්තාවගේ කුඩා දියණියන් දෙදෙනා අහාර නොමැති  බැවින්  පාසල් ගමන නැවතී ඇති අතර සිය මව විසින් එවන ලද මුදල් වලින් නිවසක් කුලියට ගෙන සිටින බවත් දැන් මුදල් නොමැති නිසා සියල්ල අහිමි වී ඇති බවත් අප වාර්තාකරු වෙත පවසා තිබේ .

මේ දරුවන්ගේ මිත්තනිය වන ස්වර්ණා ජයසිංහ මහත්මිය මේ බව  විදේශසේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කළ බවත් ඒ අවස්ථාවේ වකුගඩු ඉල්ලන කතාව් නොකියන ලෙස දැනුම් දුන් බවද මෙතෙක් පැමිණිල්ල විභාග නොකළ බවත් මාධ වාර්තා අනාවරණ කර සිටියි.