මුදල් ඇමතිකම විදේශ ඇමතිට යයි

mangala-samaraweera

ආන්දෝලනයට ලක්ව ඇති මුදල් ඇමැතිධූරය දැනට විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කරන මංගල සමරවීරට ලබාදීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව රවි කරුණානායකට හිමිවන්නේ විදේශ කටයුතු ඇමැතිධූරයයි.

සදුදා දිනයේදී ඇමැති මාරුව සිදුවන අතර මංගල සමරවීර සිකුරාදා උදෑසන අමාත්‍යාංශයේ සිය බඩු භාණ්ඩ ඉවත් කරගෙන ඇති බවද ආරංචි මාර්ග පවසයි.

මේ අතර ජනමාධ්‍ය ඇමැතිධුරයෙන් ගයන්ත කරුණාතිලක ඉවත් කර ඔහුට රාජ්‍ය පරිපාලන අමාත්‍යධූරය ලබාදීමට නියමිත බව තහවුරු කළ ආරංචිමාර්ගයක් අනාවරණය කළේය. ඔහු ජනමාධ්‍ය ඇමැති ධූරයේ සිටිනවාට ජනාධිපතිවරයා කැමැති නමුත් අගමැතිවරයාගේ අකමැත්ත නිසා මෙම මාරුව සිදුවනු ඇත.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති ධූර කිහිපයක්ද සංශෝධනය වීමට නියමිත බවද වාර්තා වේ.