වැල්ලවත්ත ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පුද්ගලයින් 21දෙනෙකු තුවාල

wellawattha building colapse

වැල්ලවත්ත සැවෝයි සිනමාශාලව අසළ අලුතින් ඉදිකෙරෙමින් පැවති ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්  14 දෙනෙකු දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල) ට ඇතුළත් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා පවසයි.සිද්ධියෙන් තුවාල ලැබු තවත් තුවාල කරුවන් 07 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.එ් අනුව පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා තිබේ.

මහල් පහකින් යුතුව ඉදිකරමින් පැවති ගොඩනැඟිල්ලක කොටසක්  මෙලෙස කඩාවැටීමට ලක්ව ඇති අතර ගොඩනැඟිල්ලට යටවූ තවත් පිරිස් මුදාගනිමින් සිටින බව ද වාර්තා වේ.
අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරී බට පිරිසක්ද අදාළ සිද්ධියේ සහන කටයුතු සඳහා යොදවා ඇති බව වාර්තා වෙයි.