උද්ඝෝෂණයට වැට බැන්දාට වෛද්‍යවරු නැවතත් වර්ජනයකට මාන බලයි

GMOA-strike

සයිටම් විරෝධී සිසු උද්ඝෝෂණයට පොලීසිය සිදුකළ පහරදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් වැඩවර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

ලබන 22 වන සඳුදා පෙරවරු 8.00 සිට මධ්‍යම 12.00 දක්වා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කර ඇති බව සඳහන්ය.

සයිටම් ආයතනයට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වු විශ්වවිද්‍යාල සිසුන්ට පහරදී තුවාල සිදුකිරීම හා අත්අඩගුවට ගැනීම, වෛද්‍ය සභාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ වගකිව යුතු පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම, වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ ඇතුළු කරුණු මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සැලසුම් කර තිබේ.