සංහිදියා සාකච්ඡාව ගාලගෝට්ටියකින් අවසන් වෙයි

99190 WUOT Dialogue Logo V2.0

ගලගොඩඅත්තේ ඥානසාර හිමි හා ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් අතර ඊයේ (17) පෙරවරුවේ ඇතිවූ සාකච්ඡවක් උණුසුම් වචන හුවමාරුවකින් අවසන් වී ඇත.

ඊයේ අමාත්‍යංශයට වැඩම කළ ඥානසාර හිමියන් සංහිදියාව හා සහජීවනය ඇතිකිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගතයුතු පියවරයන් පිලිබදව අමාත්‍ය මනෝ ගනේෂන් සමග සාකච්ඡ කළහ.

කෙසේවෙතත් අදාල සාකච්ඡව අතරතුර අමාත්‍යවරයාගේ අර්ථකථන හමුවේ සිය විරෝධය පලකල හිමියන් අමාත්‍යවරයාට නොගැලපෙන අයුරින් “යෝධයා” යැයි බැනවැදීම හේතුවෙන් එම සංවාදය උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.

එහිදී අදහස් දැක්වූ ඥාණසාර හිමියන් සිංහලයන් ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් හා හිමිකරුවන් වුවත් ඔවුන්ට සිංහල රට තුල හිමි තැන නොලැබී ඇති බවත් අනෙකුත් ජාතින් හා ආගම් වල පුද්ගලයන් රටේ ප්‍රමුඛයන් වී ඇති බවට චෝදනා කර ඇත.

එහිදී අමාත්‍යවරයා එවැනි ක්‍රියාවක් සිදුවී නැති බවත් තම අමාත්‍යංශය මගින් ජාතින් අතර සමගිය හා සංහිදියාව ඇතිකිරීමට විශාල පියවරයන් රැසක් ගෙන ඇති බව සදහන් කර තිබෙන අතර එහිදී ඊට විරෝධය පලකල හිමියන් එවැනි කිසිදු ක්‍රියාවක් අමාත්‍යවරයා විසින් ගෙන නොමැති බව සදහන් කිරීම මත මෙම උණුසුම් වචන හුවමාරුව ඇතිවී තිබේ.

කෙසේවෙතත් අදාල සාකච්ඡව ඉදිරියේදී ජාතික සංහිදියාවට තර්ජනයක් හා තවත් ගැටළු රැසක් ඉතිරි කරමින් විසදුමකින් තොරව අවසන්වූව ඇත