නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීමේ නිවේදනය අද

SAITM-

ආන්දෝලනයකට තුඩු දී ඇති මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීමේ නිවේදනය අද(15) නිකුත් කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඊට අදාළ ලිපි ලේඛන සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ තමන් අත්සන් තැබූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කිසිදු වන්දි මුදලක් අය නොකර රෝහල රජයට පැවරීමට රෝහල් බලධාරින් කැමැත්ත පළ කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ මෙම තීන්දු තීරණ හැකි ඉක්මනින් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසය.

අද(15) දිනයේ රජයේ වෛද්‍ය  නිලධාරින්ගේ සංගමයේ විශේෂ විධායක සභාවක් කැඳවා ඇති බව ද වෛද්‍ය  හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.