රටට හිතකර කැබිනට් සංශෝධනයක් ඉදිරියේදී – රාජිත

rajitha-senaratne_2

රටට හිතකර අයුරින් කැබිනට් සංශෝධනයක් ඉදිරියේදී සිදුකරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබිනට් සංශෝධනය සඳහා ජනාධිපතිවරයාගේ හා අග්‍රමාත්‍යවරයාගේ එකඟත්වය ලැබී ඇති බව ඔහු පවසයි.

නව ඖෂධවේදීන් 52කුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රාජ්‍ය සේවකයින්ගේ ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදීමට වත්මන් රජය පියවර ගත් බවය.

සෞඛ්‍ය  සේවකයින් සඳහා මෙම වසරේ අතිකාල දීමනා ගෙවීම සඳහා පමණක් රුපියල් බිලියන 04ක අමතර මුදලක් අවශ්‍යව ඇති අතර මුදල් අමාත්‍යාංශය විසින් ඒ සඳහා අවශ්‍ය චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කරනු ඇති බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසා සිටියේය.