නායයෑමෙන් අතුරුදන්වූවන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
එම මෙහෙයුම්වලට බාධා වන අයුරින් ප්‍රදේශයේ නිරීක්ෂණය කිරීම සඳහා නොපැමිණෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.
ඊයේ (15) දිනයේදී විපතට පත් නිවෙස්වල භාණ්ඩ සොරකම් කිරීමේ නිරත වූ පුද්ගලයන්18 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ අතර කුණු කන්ද කඩා වැටීම හේතුවෙන් විපතට පත් වූ පවුල් 180කට පමණ අයත් පුද්ගලයන් 625 දෙනෙකු පමණ සුබ සාධන මධ්‍යස්ථානවලට යොමුකර තිබේ.
කොළොන්නාව ටෙරන්ස් එන්.ද සිල්වා විද්‍යාලයේ සුබ සාධන මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති අතර ආපදා කළමනාකරණ කණ්ඩායම් මඟින් ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.
රජයේ චක්‍රලේඛ නොසලකා අවශ්‍ය අරමුදල් කඩිනමින් ලබාදීම සඳහා ජනාධිපතිවරයාගේ සහ අග්‍රමාත්‍යවරයාගේ උපදෙස් පරිදි විෂය භාර අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම මියගිය පුද්ගලයන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකිරීමට තීරණය කර තිබේ.