යෝනි සුන්නත් සැත්කම් සිදු කිරීම පිළිබඳව ඇමරිකාවේ ඩිට්‍රොයිට් නගරයේ වෛද්‍යවරියකට චෝදනා

doctor 2

ඇමරිකාවේ ඩිට්‍රොයිට් නගරයේ වෛද්‍යවරියකට ගැහැණු ළමුන්ගේ ලිංගඡේදනය කිරීමේ යෝනි සුන්නත් සැත්කම් (FGM- Female genital mutilation) සිදු කිරීම පිළිබඳව චෝදනා ලැබ සිටින්නීය.

ජුමානා නගර්වාලා නමැති වෛද්‍යවරිය අවුරුදු හය, අට සහ දොළහ ආදී වයස්වල දැරියන්ට යෝනි සුන්නත් සැත්කම් කර ඇති බව පොලීසිය පවසයි.බලධාරීන් වෛද්‍යවරිය පරීක්‍ෂාවට ලක්කළේ ලැබුණු ඔත්තුවකට අනුවය.

අදාළ චෝදනාවට වැරදිකාරිය වුවහොත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට ඇයට සිදුවනු ඇත. යෝනි සුන්නත ඇමරිකාව තුළ නීතිවිරෝධී බවට ප්‍රකාශයට පත්කෙරුණේ 1996 වසරේදීය.

මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන්නන් සමග ස්වේච්ඡාවෙන් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වෛද්‍ය නගර්වාලා ඇයට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කළ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

එහෙත් පැමිණිලි පක්ෂය පවසන්නේ ඇය සිදුකර ඇති භයානක සහ අමානුෂික ක්‍රියාවට සමාජයේ වඩාත්ම අසරණ පිරිසක් ගොදුරුවී ඇති බවය.

මිචිගන් ප්‍රාන්තයේ සිට මෙම වෛද්‍යවරියගේ සායනයවෙත ගිය ඇතැමුන්ට මෙය රහසක්ව තබාගන්නා ලෙස වෛද්‍යවරිය පවසා තිබූ බවද ඔවුහු පවසති.