පන්නිපිටිය හයිලෙවල් පාරේ වසර 400කටත් වඩා පැරණි බෝ ගස කපා දැමීමට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

bo
පන්නිපිටිය හයිලෙවල් පාරේ පිහිටි වසර 400ක් පමණ පැරණි බෝ ගස කපා දැමීම වළකාලමින් ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් පනවනු ලැබීය .එම බෝගස කපා දැමීමට එරෙහිව ප්‍රෙද්ශවාසීන් ඇතුළු පිරිසක් ඉකුත් දිනවල විරෝධතාවක නිරත වුණු අතර එම බෝ ගස කපා දැමුවහොත් සිය මූලික අයිතිවාසිකම් කඩවන බවට වේරදූවේ සිරිජෝති හිමියන් ඇතුළු පන්නිපිටිය ප්‍රෙද්ශයේ පදිංචි පදිංචිකරුවෙකු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබිණි.

හයිලෙවල් මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේදී මෙම බෝ ගස කපා දැමිය යුතු බවට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පසුගිය දා තීරණය කර තිබුණි. එය වළකාලමින්  ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය අප්‍රේල් 06 වන දා සිට මැයි 09 වන දා දක්වා බලපැවැත්වෙන පරිදි පනවනු ලැබ ඇත.