ජනාධිපති සිය බලතල භාවිත කිරීම ප්‍රමාණවත් නැහැ: ඩිලාන් පෙරේරා

Dilan

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය බලතල භාවිත කිරීම ප්‍රමාණවත්
නැතැයි මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සදහන් කළේය.

ජනාධිපතිවරයාට ඇතැම් අවස්ථාවලදී තමන් ජනාධිපති යැයි අමතක වන බවද මෙවර මැයි දින රැලියේදී ජනාධිපතිවරයාට සියබලතල භාවිත කළ යුතු බවට මතක් කර දීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කීය.

ඇතැම් විට අග්‍රාමාත්‍යවරයා තමා තවමත් විපක්ෂ නායකවරයා ලෙස සිතාත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තමන් තවමත් ජනාධිපති යැයි සිතා කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

මීට පෙර සිටි සියලු ජනාධිපතිවරැන් සිය බලතල අභිබවා කටයුතු කිරීම
සම්බන්ධයෙන් චෝදනා පැවතියත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රථම වතාවට සිය බලතල අවම වශයෙන් භාවතකිරීම ඇතැම් අවස්ථාවල ගැටලුවක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඊයේ (මාර්තු 6) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය
සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.