ණය ණයක් නොවේ

nalin-bandara

බැඳුම්කර සම්බන්ද කරුණ පිළිබඳ සාකච්ඡාවේ දී මේ වනවිට වඩාත් කතාබහට ලක්ව ඇත්තේ 2015 වසරෙව් ගනුදෙනුවේ දී අදාළ ආයතනය මුල්‍ය ආයතනයකින් කෙටි කාලීන ණයක් ලබා ගැනීම පිළිබඳවයි.

කෙටි කාලින ණයක් ලබා ගනිමින් බැඳුම්කර සඳහා ආයෝජනය කර ඇති බව ඇතැමුන් සඳහන් කළ ද එවැනි ආයෝජන ඉතිහාසයේ ඕනෑම තරම් ඇති බව සක්සුදක් සේ පැහැදිලිවනවා.

පසුගිය වසර දහය තුළදි රාජ්‍ය භාණ්ඩාගාරයේ ලියාපදිංචි ප‍්‍රාථමික වෙළෙන්දන් (Primery Dealers )  එවැනි මුදල් ලබා  ගත් අවස්ථා ඕනෑ තරම් වාර්තා වූ අතර ඊට අමතරව සිදු වූ වංචා 13 ක් ගැන සොයන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අගමැතිවරයාට ලිපියක් මඟින් දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ද පසුගිය දා සඳහන් කළා.

මහ බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක් වැය කර නිව්යෝක්වල ගොඩනැඟිල්ලක් ගෙන ඇති බව හෙළිවී ඇතැයිද ඔහු සඳහන් කරනු ලැබුවා.

“රුපියල් මිලියන 12,081 ක් වියදම් කර බ්‍රසීලයේ ගොඩනැඟිල්ලක් ගෙන තිබෙනවා. මේවාට අනුමැතිය දුන්නේ කවුද කියලා ගැටලුවක්. මහ බැංකුව තුළ තිබූ මාෆියාව දැන් හෙළිවෙමින් තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍ර මහතාගේ සිද්ධියේදි වුණේ ටෙන්ඩර් කැඳවීමක්. අඩුම ඉල්ලුම්කරුවන්ගෙන් ගන්නවා. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ කිසිදු ටෙන්ඩර් ක්‍රමයක් අනුගමනය කළේ නැහැ. පෞද්ගලික ක්‍රමවේදයක් මඟින් තමයි අනුගමනය කළේ. අර්ජුන් මහේන්ද්‍ර මහතාගේ සිද්ධියේදි රුපියල් බිලියන 10 ක් තමයි ටෙන්ඩර් කරලා ගත්තේ. වසර 2011 දි රුපියල් බිලියන 625 ක, 2012 රුපියල් බිලියන 645 ක, 2013 දි රුපියල් බිලියන 695 ක, 2014 දි රුපියල් බිලියන 706 ක බැඳුම්කර මිලදී ගෙන තිබෙනවා. ඒ සියල්ල ගෙන තිබෙනුයේ පෞද්ගලික ක්‍රමවේදයන්ට අනුව. විනිවිදභාවයක් නැතිව තමා ඒ ගනුදෙනු කළේ.

  1. මහ බැංකුව කොහොමද බ්‍රසීලයේ ගියේ. බ්‍රසීලයේ, අමෙරිකාවේ පමණක් නොව කොළඹිනුත් ගොඩනැඟිලි අරගෙන. පොදු රාජ්‍ය ක්‍රීඩාවලට මහ බැංකුව මුදල් වියදම් කර තිබෙනවා. මේ ගනුදෙනු ගැන සොයා බැලිය යුතුයි. ඒ කාලයේ මේ ගනුදෙනුවලට සහාය දුන් නිලධාරි පිරිසක් සිටිනවා.  මේ කරුණු 13 ගැනම පරීක්ෂණ පැවැත්වෙයි කියලා අපි හිතනවා.” යනුවෙන්ද ඔහු සඳහන් කරනු ලැබුවා.