ඕඩියෝ ඉන්ජිනේරුවරයා සතුව ලොකු වගකීමක් තියනවා

Shiron 5

By: නිරාශා පියවදනි

ශිරෝන් මෙන්ඩිස් කියන්නෙ සංගීත රසික ඔබට වැඩිය අහලා දැකලා පුරුදු  චරිතයක්නම් නෙවෙයි වෙන්න පුළුවන්. ශිරෝන් තිරෙන් පිටුපස වැඩකාරයෙක්. සංගීත රසික අපි සංගීතය රස විදින්න පුරුදු වෙලා ඉන්නෙ ගායනය වාදනය සහ රූප රචනා එක්ක. ඒත් ඒ හැමදේම පිටුපස ලොකු තාක්ෂණික මෙහෙයුමක් තියනවා.  ඒ ගැන වැඩි විස්තර කියන්න සුදුසුම කෙනෙක් වුණු ශිරෝන්ටයි අද බොස්ටන් ලංකා ඉඩ විවර වෙන්නේ.

Shiron 4

ශිරෝන් සංගීත ක්ෂේත්‍රෙය් වැඩ පෙන්වන්නෙ අපේ රසිකයන්ට හුරු පුරුදු ගායනයෙන් හෝ වාදනයට වඩා වෙනස් මාධ්‍යයකින්.

ඔව් මගේ ක්ෂේත්‍රය ඕඩියෝ ඉන්ජිනියරින්.තිරෙන් පිටුපස හිද කරන අපූරු මෙහෙයුමක්.

ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න මුල පුරන්නෙ කොහොමද?

යුනික් සවුන්ඩ්ස් කණ්ඩායම තමයි මුලින්ම මගේ හැකියාව අදුන ගන්නෙ. එහි ක්‍රිෂාන් කියන මිතුරා නිතර මාව දිරිමත් කරමින් මාව මේ ක්ෂේත්‍රයට යොමු කළා.

Shiron 5

මොාකක්ද මේ ඕඩියෝ ඉන්ජිනියරින් කියන්නෙ?

තාක්ෂණයත් සමග සංගීතය මුසු කිරීමේදී ඕඩියෝ ඉන්ිනේරුවරයාගේ කාර්්‍යය ඉතාම වැදගත්.

ගායකයාගේ කට හඩ මොනතරම් මිහිරි වුණත්, නිර්මාණකරණයේදී යොදා ගන්න සවුන්ඩ් මිලියන ගානක් වටින ඒවා වුණත් වැඩක් නෑ ගායනය, වාදනය පිටතට ඇහෙන්නෙ  කටෝර ලෙස නම්. ගායනයත් සංගීතයත්  සුමට ලෙස සුසංයෝග කරලා ගුණාත්මක බව සුරකිමින් තාක්ෂණය හරහා පිටතට ඇහෙන්න සලස්වන්න ඕඩියෝ ඉන්ජිනේරුවරයා සතු ලොකු වගකීමක් තියනවා. මෙය ගායනය සංගීතය සහ තාක්ෂණය සමබර කිරීම කියලා හැදින්වුවත් නිවැරදියි.

Shiron 7

මේ බැරෑරුම් කාර්්‍යෙයන් ජාත්‍යන්තරයෙත් වැඩ පෙන්වුවා කියලා ආරංචියි?

සිංගප්පූරුවෙ යුනිවර්සල් ස්ටූඩියෝ එකේ රටවල් 24ක් ඇවිත් කරපු තරගයකට සහභාගී වුණා. එහි අවසානයේ තෝරා ගත් තිදෙනාට එක් වීමට හැකි වුණා.

Shiron 6

Gypsiesලාට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ කොහොමද?

පසුකාලයක සුනිල් පෙරේරා මහත්මයා මගේ හැකියාවන් දැකලා ඔවුන්ට එකතු වෙන්න කියලා ආරාධනා කළා. මේ වෙනකොටVoice Print, Daddy වැනි කිර්තිමත් සංගීත කණ්ඩායම් සමග වැඩ කරනවා.

ඉදිරියෙදි සහභාගී වීමට සැලසුම් කරලා තිබෙන කලා කටයුතු මොනවද?

හෙට අනිද්දා ඇමරිකාවෙ පැවැත්වෙන ප්‍රසංගයන් සදහා සහභාගී වීමට මේ දිනවල සූදානම් වෙනවා

Shiron 3

  ගායකයෙක් එහෙමත් නැත්නම් සංගීත නිර්මාණකරුවෙක් විදියට ඉදිරියට එන්න අදහසක් නැද්ද?

සංගීතය සහ ඕඩියෝ ඉන්ජිනියරින් ගැන හදාරන්න ආසයි. හැදෑරීමක් එක්ක සහජ හැකියාව එකතු වුණාම වඩාත් නිර්මාණාත්මක දෙයක් කරන්න පුළුවන්. ඔව් සංගීතයෙන් සහ ගායනයෙන් ඉදිරියට එන්නත් අපේක්ෂාවක් තියනවා.

තිරෙන් පිටුපස කරන මෙහෙයුම්වලින් වැඩ පෙන්වන ශිරෝන්ට ළගින්ම ඉදන් සහය දෙන ආදරණීය කෙනෙක් ඉන්නවා කියන්නෙ ඇත්තද?

(සිනා) අම්මෝ ඒවාට තව කල් තියනවා. දැනටනම් එහෙම දෙයක් නෑ. ක්ෂේත්‍රෙය තුළ ප්‍රමිතිය රැකගෙන දිගු ගමනක් යන එක තමයි දැනට හිතේ තියෙන්නෙ.