චණ්ඩින්ට ගිය කලාව තරු පන්තිෙය් විලාසිතාවක් වුණු හැටි

14359112_893119250818140_3470334642874042536_n

By: Sanka Rambukwella 

මෙය වෙනස් කලාවකි.වරක් දෙවරක් නොව සියවරක් මෝස්තරය ගැන සිතා කටයුතු කළ යුතු කලාවකි.ගැහුවොත් ගැහුවාමය.නිර්මාණ ශිල්පියා වන ඔහුට සේම නිර්මාණය ඔහු ලවා සිදුකරගන්නා ඔබට ද එය අවධානමකි.එහෙත් අප කතා කරන කතා නායකයාට එය  අවධානමක් ද ?

පිස්සුද මචං. කාලයක් යද්දී ඒක හුරු වෙනවා.මම මුලින්ම ටැටූ ඉගෙනගත්තේ අපේ යාලුවෝ සෙට් එකක් එක්ක එකතුවෙලා.හැබැයි ආර්ට්(චිත්‍ර) ඇඟේ තිබුණා.අවධානමක් නොතිබුණත් මම වෘත්තීය මට්ටමෙන් ටැටූ නිර්මාණ ශිල්පියෙක් නිසා සීයයට දෙසීයක් මම කරන නිර්මාණයට අවධානය යොමු කරනවා.ඒක මගේ වගකීම” ඇඩම් ඇන්ඩ් ඉන්ක් හි ටැටූ නිර්මාණ ශිල්පියා එලෙස කියාගෙන කියාගෙන යයි. බොස්ටන් ලංකා අපි ෙම් කියන්න හදන්ෙන ටිකක් ෙවනස් කතාවක්.

14359112_893119250818140_3470334642874042536_n16265978_976808305782567_6860668602378122219_n

යුරෝපයට සාපේක්ෂව ලංකාවේ ටැටූ කලාවක් ලෙස නොව පුද්ගලයාගේ යම් ප්‍රකාශනයක් නිරූපණය කිරීම සඳහා යොදාගත්ත අවස්ථා ඉතිහාසයේ ඉතා වැඩි ප්‍රමාණයක් පවතිනවා.උදාහරණයක් විදිහට ඒ කාලේ ටැටූ සමාජයේ චණ්ඩින්ට පමණක් සීමා වුණ කලාවක් වුණා.ඒක කලාවකටත් වඩා පුද්ගලයා නිරූපණය කරන්න යොදාගත්ත සංඛේතයක් වුණා කීවොත් හරියටම හරි.ඉතිහාසය එහෙම වෙද්දි වර්තමානය සෑහෙන්න වෙනස් වෙලා.

කොළඹ ඉඳලා කඩුවෙල පැත්තට එනකොට බත්තරමුල්ල හන්දියෙදී ඔබට මේ මනරම් ටැටූ නිර්මාණ ශිල්පියාගේ ටැටූ නිර්මාණය කරන ස්ථානය හමුවෙනවා.ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුකූලවම ටැටූ නිර්මාණය,අවශ්‍ය රසායන ද්‍රව්‍ය භාවිතා කරන නිසා මේ ස්ථානය වඩා විශ්වසනීයයි.

ඒ විශ්වසනීය බවත් එක්කම   වඩා කුළුපග සල්ලාපයකින් ඇඩම් ඇන්ඩ් ඉන්ක් හි නිර්මාතෘ ප්‍රවීණ ටැටූ නිර්මාණ ශිල්පී අැඩම්  අපූරු ෙතාරතුරු ෙහළි  ක ෙළ් ෙමෙලසිනි.

Adam-1

කොහොමද ටැටූ වෘත්තීය මට්ටමෙන් පටන්ගත්තේ ඔබ ? මුලදි බය හිතුනේ නැද්ද ?

මුලින්ම පටන්ගත්තේ යාලුවෝ එක්ක එකතුවෙලා.පස්සේ මම ටැටූ නිර්මාණය කරන ස්ථානයක වැඩ කළා කාලයක්.ඒ අත්දැකීම් එක්ක තමයි වෘත්තීය මට්ටමට ආවේ.මුලින්ම ටැටූ ගැහුවේ මගේ යාලුවන්ගේ (සිනා) ඒ නිසා බය හිතුණේ නෑ

දැන් කොච්චර කාලයක ඉඳලද ඔබ මේ ටැටූ නිර්මාණය කිරීමේ නිරත වෙන්නේ ?

දැනට අවුරුදු හතරක වගේ කාලයක ඉඳලා මම ටැටූ නිර්මාණය කරන වෘත්තිකයෙක් විදිහට වැඩ කරනවා

17439549_10154870177236154_1763489166_n17439902_10154870179106154_269011157_n

එදා ඉඳලා අද වෙනකොට අද ඔබ ඉන්න තත්ත්වය ගැන ඔබට සතු‍ටුයි ද ?

ඔව් ඇත්තටම.අද මේ වෙනකොට ලංකාවේ හොඳම ටැටූ නිර්මාණය කරන කිහිප දෙනා අතර මාත් ඉන්නවා,ඒ ගැන ඇත්තටම සතු‍ටුයි

ලංකාවේ දැන් ටැටූ වලට තියෙන පිළිගැනීම කොයි වගේද ?

කොළඹ පරිසරය තුළ නම් ටැටූ කියන්නේ විලාසිතාවක්.ඒක නිකම් අපි අර කරාඹුවක් පළඳිනවා වගේ වැඩක්.ගැහැණු පිරිමි බේදයක් නැතිව සිදුකරන විලාසිතාවක් හැටියටයි වර්තමානයේ ටැටූ කලාව හඳුන්වන්න පුළුවන්.ඉතින් විලාසිතාවක් බහුතරයක් අනුගමනය කරනවානම් ඒක පිළිගන්න මිනිස්සු පෙළඹෙනවා

ටැටූ කලාව තුළ කාන්තාව සහ පිරිමියා ගේ ‍තෝරාගැනීම් කොයි වගේද ?

ගොඩක් පිරිමි අය බාහුව වගේ පිටතට පේන ස්ථාන වල ටැටූ නිර්මාණය කරන්න පෙළඹෙනවා.හැබැයි කාන්තාව බොහෝ දුරට ටැටූ ගහන්නේ ශරීරයේ පිටතට නොපෙනෙන ස්ථාන වල.පිරිමි අය ගොඩක් ලොකු නිර්මාණ(ප්‍රමාණයෙන් විශාල) වලට යනවා.හැබැයි කාන්තාවන් ගොඩක් සිම්පල් නිර්මාණ තමයි අත්හදා බලන්නේ.

ඔබ ඔබේ ටැටූ නිර්මාණ සඳහා අමුද්‍රව්‍ය කොහෙන්ද ගේන්නේ.. ලංකාවේ තියෙනවද එහෙම අමුද්‍රව්‍ය ගන්න තැනක් ?

නෑ ලංකාවේ මම දන්න තරමින් නෑ.මම නම් ඒ හැමදේම ගෙන්නන්නේ ඇමරිකාවෙන්

ඒ කියන්නේ ඔබේ ටැටූ නිර්මාණ හරි ගණන් කියන එකද ?

(සිනා) රුපියල් 5000 සිට ඉහළට තමයි මම ටැටූ නිර්මාණය කරන්නේ

කෙනෙගේ ශරීරයේ ටැටූ නිර්මාණය කිරීමේදී අවශ්‍ය ඩිසයින් එක තීරණය කරන්නේ කවුද?ඔබද එහෙමත් නැත්නම් සේවාලාභියාද?

ටැටූ එකක් කරන්න එන ඕනම කෙනෙක්ට මම කියනවා එයාට අවශ්‍යය ඩිසයින් එක අරන් එන්න කියලා.අන්තර්ජාලයෙන් බලලා හරි කොහොම හරි.එයා ‍රැගෙන එන ඕනම ඩිසයින් එකක් මම නිර්මාණය කරලා දෙනවා.

17439451_10154870177611154_401835423_n16649526_995428270587237_49614624858901433_n

ගැහැණු ළමුන් ද ඔබගෙන් ටැටූ නිර්මාණය කරගන්න පැමිණෙනවා.කොහොමද ඔබ අතින් ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන්නේ ?

මම කරන්නේ වෘත්තියක්.ඒ වෘත්තියටම එක්වුණ විනයක් තියෙනවා.ඒක ගැහැණු පිරිමි දෙපක්ෂයටම පොදුයි.ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා සියයට දෙසීයක් මම කැප වෙනවා

කෙනෙක් දැක්ක ගමන් කියන්න පුළුවන් ද ඔබට ඔහුට ගැලපෙන ටැටූ එක මොකක් ද කියලා ?

ඔව් බොහෝ දුරට කියන්න පුළුවන්

මොනවද අහන්න කැමති සිංදු ?

මම ගොඩක් අහන්නේ බටහිර සිංදු තමයි

ඒකට හේතුව ?

ටැටූ නිර්මාණය කරද්දී හොඳ එනර්ජි එකක් තියෙන සිංදුවක් අහන්න අවශ්‍යයි.ඒ නිසා බටහිර සිංදු තමයි අහන්නේ

‍ෆිල්ම් වලට කැමතිද ?

ඔව් අනිවාර්යයෙන්ම කැමතී.වැඩියෙන්ම කැමති ඇක්ෂන් ‍ෆිල්ම්ස් බලන්න

මොනවද ඉදිරි බලාපොරොත්තු ?

තව ස්ටූඩියෝ එකක් විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා

ඔබව සම්බන්ධ කරගන්නේ කොහොමද ?

මේ දුරකථන අංකය අමතලා දිනයක් වෙලාවක් වෙන් කරගන්න.0778489997.දිනයක් වෙලාවක් වෙන්කරගන්න හේතුව තමයි දවසකට මම නිර්මාණය කරන්නේ ඉතාමත් සීමිත ටැටූ ප්‍රමාණයක්.මොකද කරන වැඩේ හරියට කරන්න ඕන.දැඩි අවධානයකින්.ඒ නිසා වෙලාවක් වෙන් කරගෙන එන්න.උසස් අන්දමේ ටැටූවක් මම නිර්මාණය කරලා දෙනවා කියලා පොරොන්දු වෙනවා ඔබට.

විශේෂ ස්තූතිය – මධූ සිල්වා මහත්මියට

සංඛ රඹුක්වැල්ල – – m_sankarambukwella@yahoo.com