වියත්මග සංවිධානය අද වත්මන් රජයට දේශ ද්‍රෝහින් යැයි චෝදනා කරනවා:මංගල සමරවීර

mangala-samaraweera1

වියත්මග සංවිධානය දකින විට එය හොරුන්ගේ මිනීමරුවන්ගේ සංවිධානයක් දැයි තමාට සැකයක් ඇති වන බවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

තමන්ගේ ධූර කාලයේ කරන ලද විවිධ වංචා දූෂණ වසා ගැනීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙවන් සංවිධාන පිහිටුවාගෙන තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම සංවිධානයේ මූලිකව කටයුතු කරන දයාන් ජයතිලක යනු සිංහල ඊලාම් හිතවාදියෙක් යැයිද, භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණේ තරුණයන් ඝාතනයට පවා සම්බන්ධ අයෙක් යැයිද ඩග්ලස් දේවානන්ද යටතේ අවි පුහුණුව පවා ලබාගත් අයෙක් යැයිද අමාත්‍යවරයා චෝදනා කළේය.

එවන් භයානක අතීතයක් සහිත පුද්ගලයන් අද වත්මන් රජයට දේශ ද්‍රෝහින් යැයි චෝදනා කරන බවද අමාත්‍යවරයා සදහන් කලේය.

එසේම මහින්ද රාජපක්ෂ මහතා සමග අද සමීපව කටයුතු කරන හිටපු මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ශ්‍රී ලංකා හමුදාව පාවා දෙන ලොකුම ලියවිල්ල වන නන්දිකඩාල් රචනා කළ බවද හෙතෙම කීය.

මෙම කෘතියේ වැඩි පුර අන්තර්ගත වන්නේ කැඩුම් බිදුම් පිලිබදව නිසා ගෙවල් කඩාල්, හන්දි කඩාල් යනුවෙන් පොත නම් කළ යුතු යැයි අමාත්‍යවරයා යෝජනා කළේය.

මෙම කෘතියේ ඉංග්‍රීසි පිටපත් මේ වන විට දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන් යුරෝපය පුරා බෙදා හරිමින් සිටින බවද අමාත්‍යවරයා සදහන් කළේය.

හමුදාව පවා දෙමින් තමන්ගේ සාක්කුව පුරවා ගන්නා මෙම පොත කියවීමට තරම් වටිනා එකක් නොවන බවත් දේශ ප්‍රෙමින් මෙය ඉදිරියේදී ගිනි තබනු ඇති බවත් හෙතෙම කීය.

එසේම රණවිරැවන්, යුද වීරයන් කිසි විටකත් කාන්තාවන් දූෂණය කරන්නේ වත් දරැවන් අහිංසකයන් ඝාතනය කරමින් ගෙවල් කඩා බිද දමන්නේ නැති බවත් හෙතෙම අවධාරණය කළේය.

පසුගියදා විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී අමාතයවරයා මේ බව සදහන් කළේය.