කැන්ගරුවන්ට එලෝ එලෝ ගහපු අපේ කොල්ලෝ….

<> during the ICC World Twenty20 2012 Final between Sri Lanka and the West Indies at R. Premadasa Stadium on October 7, 2012 in Colombo, Sri Lanka.

ලක්මිණ රණසිංහ

ඇර සොයිසා ඇරෝ ඇරෝ… සික්සර් අස්සේ හදවත ගැස්සෙන විසේකාර විස්සයි විස්සේ තරගාවලියක් දිනපු අපේ කොල්ලන්ට සුබ පතමින් අද මම කියන්න යන්නේ ක්‍රිකට් ගැන. ඔස්ට්‍රේලියාවට එරෙහිව තිබ්බ විස්සයි විස්සේ තරගාවලිය අපි දින්නා. ඔස්ට්‍රේලියාවත් එක්ක තිබ්බ පළවෙනි විස්සයි විස්ස මැච් දෙකම දින්නෙ අන්තිම බෝලෙට 4 ක් ගහලා. පිස්සු කොර! පරදින්න තිබුන මැච් 2 ක් අනිත්ම ඕවර් වලදී ගොඩදාපු විදිහ බලාගෙන ඉන්නකොටත් නිකම් හාට් ඇටෑක් වගේ. මැච් දෙකේදිම අන්තිම ඕවර් දෙක්දී ඕස්ට්‍රේලියන් බෝලස්ලට පන්න පන්න නෙළුවා. අසේල ගුණතරත්න නෙළුවා නෙළිල්ලක් කැන්ගරුවන්ට දුවන්න. පිස්සු හැදෙයි ස බැබළෙයි කිව්වලු. කොහොම කොහොම හරි අන්තිම ඕවර්වලදී අපේ කොල්ලෝ අවේස වෙලා වගේ හයේ හතරේ පාරවල් ගහලා මැච් දෙකම ගොඩ දානකොට අපේ හිතට ආපු ගැම්ම තමයි මචං ගැම්ම.

        අපේ හාට් එක ගැස්සෙන අස්සේ සික්සර් වැස්සක් වස්සලා කැන්ගරුවන්ට එරෙහිව විස්සයි විස්සේ ටූනමන්ට් එක දින්නා තමයි. ඒත් ඊට කලින් අපේ කොල්ලො ටික හිටු කියලා පරාද වෙනකොට ගොඩක් අය ටීම් එකට බැන්නා. හූ කිව්වා. කිණ්ඩි දාම්මා.. නෝණ්ඩි කළා.. ඒත් දැන් දිනනකොට හැමෝම ටීම් එකට හො කියනවා. ඒත් මචං… දිනනකොට එක විදිහට සලකන, පරදිනකොට තව විදිහට ක්‍රමය එච්චර හො දෙයක් නෙමෙයි. දින්නත් පැරදුනත් අපේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන කොල්ලන්ට ශක්තියක් දෙන්න තමයි අපි හැමතිස්සෙම ට්‍රයි එක දෙන්න ඕනෙ. 1996 ලෝක කුසලානය දින්නට පස්සේ විස්සයි විස්ස ලෝක කුසලානයකුත් දිනන්න අපිට පුළුවන් වුනා.

lak

                අපේ ක්‍රිකට් ටීම් එකට වගේම අපිටත් එදිනෙදා ජීවිතේදි එක එක විදිහේ ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්නත් හරියට වේගයෙන් එන යෝකර් පන්දු වගේ. එහෙමත් නැත්නම් ඔළුව ළින්ම යන වේගවත් බවුන්සර් පන්දු වගේ. ඒත් නැත්නම් අපිට හිතාගන්න බැරි විදිහට දකැවෙන දූස්රා පන්දු වගේ. ඒත් ලංකාව ගහන ක්‍රිකට් මැච් එකක තියන සොමිය අපේ බොක්කට දැනෙනකොට අපේ ජීවිතේ තියන හැම අවුලක්ම මොහොතකට අමතක වෙනවා. අනූ හයෙත් දුන්නා බැටේ – මේපාරත් දෙනවා බැටේ කියලා කෑගහලා චියර් කරනකොට අපේ හදවතට දැනෙන හැඟීම වචනවලින් විස්තර කරන් බෑ. අපේ කොල්ලො බැට් කරනකොට ලණුව උඩින් ඇරෝ ඇරෝ කියලා අපි චියර් කරනවා. අපේ කෝල්ලො බෝල් කරනකොට මැදපොල්ලට ඇරෝ ඇරෝ කියලා චියර් කරනවා. ඇත්තමට ක්‍රිකට් ක්‍රීඩාව කියන්නෙ ක්‍රීඩාවකටත් වඩා එහා ගිය විසේකාර සංස්කෘතියක්. එහෙමත් නැත්නම් විසේකාර විලාසිතාවක්. ඒ විලාසිතාවේ තියන රසයට අපි කවුරුත් ආසයි.

        ලෝකෙ කොහේ හිටියත් ලංකාව ගහන මැච් එකකට ගිහිල්ලා පපරේ සද්දෙට සෙට්වෙලා ලංකාව වෙනුවෙන් චියර් කරන එකේ පට්ටම ආතල් එකක් තියනවා. පපරේ බීට් එක ඇහෙනකොටත් අපේ හාට් බීට් එක හීට් වෙලා පපරේ බීට් එකට පටස්ගාලා සෙට් වෙනවා. මේ පපරේ බීට් එක විශාල ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඇතුලේ ඇහෙනකොට අපිට අමුතුම ගැම්මක් ශ්‍රී ලාංකිකත්වයන් බොක්කට දැනෙනවා. ඒ ගැම්මයි ක්‍රිකට්වලට අපේ බොක්‍කෙ තියන ඇම්මයි එකතු වුනහම ‍ලෝකෙ කොහේ හිටියත් ලාංකිකත්වය අපේ බොක්කට දැනෙනවා. ‍ක්‍රිකට් තරගවලදී  අපේ බොක්කට දැනෙන මේ ජවසම්පන්න පපරේ බීට් එක ලංකාවටම ආවේණික අමුතුම සංස්කෘතියක්. පපරේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග අතර සම්බන්ධයක් ඇති වුන ඉතිහාස කතාවත් හරිම රසවත්. ඒ රවසත් කතාවත් ඉදිරියේදී මම අනිවාර්යෙන්ම කියන්නම්. එහෙම් මම නවතිනයා ලබන සතියෙක් බොක්ක අප්ටේඩ් කරගන්න සෙට් වෙන්න.

fb – Lakmina Ranasinghe

lakmina.ranasinghe@gmail.com