සයිටම් ගැයළුවට යෝජනා 4ක්!

Saitam Column

සයිටම් ආයතන වහා අහෝසි කර රජයට පවරා ගත යුතු යැයි  ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මනුල පෙරේරා මහතා පැවසීය.

අද (මාර් 6) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සදහන් කළේය.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් යෝජනා හතරක් තම සංගමය රජයට ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය.

ඒ අනුව මාලඹේ සයිටම් ආයතනයේ පුද්ගලික හිමිකාරීත්වය අහිමි කර රජයට පවරා ගත යුතු බවත් එසේ නැතහොත් රාජ්‍ය පුද්ගලික හවුල් කාරීත්වයක් යටතේ රජයට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි වන ලෙසටත් පවත්වා ගත යුතුය යන්න සිය සංගමයේ පළමු යෝජනාව බවත්  ඒ මහතා පැවසීය.

දැනට ආයතනය මගින් ලබාදෙන වසරක සීමාවාසික පුහුණුව වසර දෙක දක්වා ඉහළ දැමිය යුතුය යන්න තම දෙවන යෝජනාව යැයි හෙතෙම කීය. එසේම වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් වීම සදහා ඊ.ආර්.පී.එම් විභාගයට පෙනී සිටිය යුතු බවත්, දැනට අධ්‍යාපනය ලබන සිසුන්ගේ තත්ත්වය පරීක්ෂා කිරීම සදහා කමිටුවක් පත් කර කමිටුවේ නිර්දේශ අනුව සිසුන් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු බවටත් ඒ මහතා සංගමය වෙනුවෙන් යෝජනා කළේය.

ඊට අමතරව සයිටම් ආයතනයට සිසුන් බදවා ගැනීමට විධිමත් ගුණාත්මක ක්‍රමවේදයක් සකස් කළ යුතු යැයිද සයිටම් විරෝධය ඉතිහාසයේ පැවති භීෂණයන් මෙන් උග්‍ර තත්ත්වයකට පත්වීමට නොදී වළක්වා ගත යුතු යැයිද ලේකම්වරයා අවධාරණය කළේය.

එසේම වෛද්‍ය වෘත්තිය මේ බව විට ලාභදායී ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සිය සංගමයේ විරෝධතාවයද ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළේය. සයිටම් ආයතනය සම්බන්ධයෙන් සිය සංගමය ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිය නිර්දේශ සහිත ලිපියක් ජනාධිපතිවරයාට යොමු කළ බවද ලේකම්වරයා සදහන් කළේය.