ඉකුත් 2013 වසරේ අගෝස්තු මස සිට 2015 ජූලි මස දක්වා රාජක්ෂ පාලන සමයේ දී ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටා ඇති ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්්‍යාලයට අයත් නිල නිවසේ ලැගුම් ගනිමින් එහි සුපිරි පහසුකම් අයථා ලෙස භුක්ති විදි අභි රහස් යුවලක් පිළිබද වාර්තා වී ඇත.
ලොස් ඇන්ජලීස් නුවර පදිංචි ශ්‍රී ලාංකිකයන් පවසන්නේ මෙම පවුල හා මහින්ද රාජපක්ෂ අතර දැඩි සමීප සබදතාවක් පැවති බවයි.
මේ පිළිබද තතු අනාවරණය වීම ආරම්භ වූයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ විගණකාධිපතිවරුන් විසින් ලොව පුරා මෙහෙය වූ සෙසු ශ්‍රී ලාංකේය මෙහෙයුම් වලට සමගාමීව ලොස්ඇන්ජලීස් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්්‍යාලයේ ද සිදු කළ මූල්‍ය විගණන කටයුතු හරහාය. එම විගණන කටයුතු වලින් 2013 වසරේ සිට 2015 දක්වා කාලයේ සිදු වූ මූල්‍යමය අක්‍රමිකතා කිහිපයක තතු මේ වන විට අනාවරණය වෙමින් පවතී.
කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නුවර Glendale නගරයේ පිහිටා ඇති ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් නිල නිවසේ වහා ක්‍රියාත්මක කළ FCID පරීක්ෂණ වලින් මෙම විගණන පිළිබද තොරතුරු හෙළි වී තිබේ. මෙම ඉඩ පහසුකම් සහිත සුඛෝපභෝගී නිවස එවක කොන්සාල් ජෙනරල් ආචාර්්‍යය හෙක්ටර් වීරසිංහ මහතා විසින් මසකට ඩොලර් 8200ක මුදලට කුලියට ගෙන ඇත. 2013 වසරේ ජූලි මස 30 වනදායින් හෙක්ටර් වීරසිංහ මහතාගේ නිල කාලය හමාර වී ඇති අතර එබැවින් එම නිල නිවසින් ඔහු පිටව ගොස් ඇත. ඔහුගෙන් පසුව මල්රාජ් ද සිල්වා මහතා අදාල ධූරය සදහා පත්වීම් භාර ගනු ලැබූවද ඔහු මෙම නිල නිවස සිය පදිංචිය සදහා භාවිතා ක නැති බව වැඩි දුර ආරංචි මාර්ග සදහන් කර සිටියි.
ලොස් ඇන්ජලීස් හි ශ්‍රී ලාංකේය කොල්සාල් ජෙනරාල්වරයාට අනුව මෙම කාර්්‍යාලයීය නිල නිවසේ සියලු වරප්‍රසාද රිසි පරිදි භුක්ති විදි යුවල සදහා එම ස්ථානය ලබා දී ඇති ක්‍රම වේදය ද අභිරහසක්ය. තවද ශී ලංකා බදු ගෙවන්නන්ට මේ වෙනුවෙන් 2013 වසරේ අගෝස්තු මස සිට 2015 ජූනි දක්වා ගෙවීමට සිදු වූ පිරිවැය ඩොලර් 174300/- ක් පමණ බවද වාර්තා වේ. බොස්ටන් ලංකා විසින් ලොස් ඇන්ජලීස් කොන්සාල් ජෙනරල් කාර්්‍යාලය සම්බන්ධ කරගත් අවස්ථාවේ එහි සේවයේ නියුතු ස්වර්ණා ගුණරත්න විසින් මේ බව සනාථ කරනු ලැබිණි. මීට අමතරව නිල නිවස යළි බාර දීමේදී නිවස ඉතා හොද තත්ත්වයේ පවතින්නේ නම් භාවිතා කළ පුද්ගලයාට යළි ලබා දෙන ඩොලර් 10000/-ක ආරක්ෂිත තැන්පතු මුදලට සිදු වූයේ කුමක්ද යන්න කිසිවෙකු දන්නේ නැත.
කෙසේ වුවත් අනාවරණය වන පරිදි එහි සුපිරි පහසුකම් භාවිතය සහ විශාල කුලී මුදල පමණක් නොව නිල නිවස සදහා අනුයුක්ත කර තිබූ රියැදුරන් දෙදෙනාට මෙම අභිරහස් යුවල සදහා වසර 2ක් පමණ සේවය කිරීමට ද සිදුව ඇත. එම අදාල කාලය තුළ ලොස් ඇන්ජලීස් හි ඔවුන්ගේ වැටුප් ගෙවීමට බලයලත් ශ්‍රී ලාංකේය කොන්සල්වරයාට සම්බන්ධ නිළධාරියා වන මහේෂ් කුමාර් මහතා වෙත මේ වන තුරුම ඔවුන් සේවය වාර්තා කර නොමැති බවද හෙළි වී ඇත.
නමුත් රියදුරන් විසින් පවත්වාගෙන ගොස් තිබූ ලොග් සටහන්වලට අනුව සොයාගෙන ඇත්තේ ඔවුන් දිනපතා Pomona College සිට California ප්‍රාන්තයේ Claremontනගරයට දිනපතා ගමන් බිමන් සිදු කර ඇති බවයි. ඔවුහු මෙලෙස Glendale සිට Claremont දක්වා ගමන් බිමන් සිදු කිරීමට හේතු අනුමාන කිරීමට හැකි සාක්ෂි බොහොමයක් හමු වුවද ඒ කිසිවක් නිල කොන්සාල් කටයුතු සම්බන්ධ කටයුතු නොවීම විශේෂත්වයකි.
මේ වන විටත් ලොස් ඇන්ජලීස් හි පිහිටි කොන්සාල් කාර්්‍යාලයේ සිදු වූ බවට සැක කෙරෙන මෙම අනිසි මුදල් භාවිතය සහ මූල්‍යමය අක්‍රමිකතා පිළිබද FCID විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.