“එක ලකුණක් අඩුවීම දත් දොස්තර වීමට සුදුසුකමකි , දෙකක් අඩුවීම කොන්දොස්තර වීමට හේතුවේ”

Saitam Column

දමිත් විලේගොඩ

අධ්යාපනය යනු අයිතියකි. ඒ අයිතියට අකුල් හෙලීම දඬුවම් ලැබිය හැකි වරදකි.මේ වනවිට අපේ රටේ දොස්තර ප්රශ්නය හිඟන්නාගේ තුවාලයක් බවට පත්ව ඇත.අනෙක් අතට අනෙක් සෑම ප්රශ්නයක් ම දේශපාලනීකරණයකට ලක්කරනවා මෙන්ම දොස්තර ප්රශ්නය ද දේශපාලනික මුහුණුවරක් ගෙන ඇත.එය කෙතරම් හාස්යජනක ද යත් එවකට එනම් සයිටමය පටන් ගැනීමේ වකවානුවේ රට කරවපු ඇත්තාම දැන් ඊට විරුද්ධවීමයි. සයිටමය යනු රෝගීන්ට “මරුවා සමග වාසේ” සේ සේ යැයි කෙනෙක් අර්ථ දක්වයි.

අනාදිමත් කාලයක් මානවයා ටිකෙන් ටික එකතුකරගත් දැනුම් සම්භාරයක් නිදහසේ ඉගෙනීමේ අයිතියක් ලංකාවේ ඇත.එමෙන්ම නිදහස් සෞඛ්යය සේවාවක් ද ඇත. නිදහස් අධ්යාපනයට හෙණ ගසා ගැණීම අධ්යාපනය විකිණීම යයි කියාද පැවසිය හැක.

ඉස්සර අපි ජොලියට කියන කථාවක් ඇත.එනම් , “එක ලකුණක් අඩුවීම දත් දොස්තර වීමට සුදුසුකමකි , දෙකක් අඩුවීම කොන්දොස්තර වීමට හේතුවේ” එය අප ජොලියට කියපු කතාවක් වුව එහි බරපතල යටි අරුතක් ඇත.එනම් සියළු කාරනා සඳහා අවශ්ය සුදුසුකම කියන කාරණාවයි. ලංකාවේ වෘත්තීයමය ගරුත්වය කියන කාරනාව දොස්තර ශ්රේෂ්ත්රයේ ඉහල තැනක ඇත.

ඉස්සරනම් එතන බැබළුණේ නඩුකාර උන්නාන්සේලා ය.අද රථ වාහන නඩුවකට උසාවි ගියොත් ලෝයර් නොනලා මහත්තුරු කතරගම මල් විකුණන මල් කෙල්ලන් සේ යැයි මට නම් සිතේ.

දොස්තරලා පැටවු ගැස්සවීම වුව පිළිගත් ක්රමවේදයකට ලංකාවේ ම සිදුකිරීම හොඳය.මොකද ලංකාවේ බැරිනං MBBS London , MBBS China හෝ රුසියාවට හෝ යාමට අපේ උන්දැලා සැදී පැහැදී සිටී.ගෙයක් ඉඩමක් විකුණා හෝ උකස් කර රට ගොස් දොස්තරලා වූවෝද ලෙඩ්ඩුන්ට බේත් කරති.එමෙන්ම දොස්තරලා වැඩිවීම ද රටට අයහපත් ප්රතිඵල අත්කරදෙනු ඇත.

අපේ අසල්වැසි ඉන්දියාව දොස්තරලා අතිරික්තයක් ඇති රටවල් අතර ඉදියෙන් සිටී .අපේ රටේ හෝ වේවා පිටරටක හෝ වේවා ඉන්දියානු වෛද්යවරුන් කීදෙනෙකු සේවයේ නිරතවේදැයි බලන්න.

අනෙක් අතට අනෙක් අතට A/L වලිං ගත් දැනුමෙං වෙදකං කරන්නේ නැත. S3ක් යනු High result එකක් නැතත් විභාගය සමත් බවය. විශ්වවිද්යාලවල ඉඩ තිබුනා නම් S තුනටත් යන්න තිබුනා යයි සිතිය හැක.

ලංකාවේ ඕනෑම විශ්වවිද්යාලයකට සිසුන් ඇතුළත් කර ගනු ලබන්නේ පිළිගත් ක්රමවේදයකට අනුවය.එනම් Z ලකුණ හා දිස්ත්රික් කුසලතාවයය.මෙහි ගැටලු සහගත තත්ත්වයක් ඇත.එනම් කොළඹින් A2 B1 ගත් ශිෂ්යයාගේ දිස්ත්රික් කුසලතාවය 31 යයි සිතමු.කොළඹින් වෛද්ය විද්යාලයට තෝරාගන්නේ 30 ක් නම් 31 වන සිසුවාට වෛද්ය විද්යාල වරම් අහිමි වෙයි.නමුත් නුවරඑළිය දිස්ත්රික්කයේ A1 B2 ගත් සිසුවා දිස්ත්රික් කුසලතාවය එක වී වෛද්ය විද්යාලයට තේරී පත්වෙයි. එවිට කොළඹ 31 ගත් සිසුවාට සල්ලි තියවා නම් වෛද්ය උපාධියක් ගත්තාට වරදක්නැත.

මෙය සාපේක්ෂව අනෙක් දිස්ත්රික් වලටද අදාළ කරගත හැකි පිළිගත් ක්රමවේදයකට සිදුකල හැකිය.

එතකොට සල්ලි නැති අය???????? එදිනෙදා කුලියක් මලියක් කරගෙන ජීවිතය ගැට ගහගන්න දෙමාපියන්ගේ දරුවන් ????? ඒ ප්රශ්නය ට උත්තර කියවන ඔබට වත් ලියන මටවත් මං හිතන්නේ නෑ තියනව කියල . අවසාන වශයෙන් මෙසේ ලියමි. වෛද්ය වෘත්තීය හා ඔටෝ මොබයිල් වෘත්තීය වෘත්තීන් දෙකක් මිසක් එකක් නෙවෙයි.