ප්‍රති උත්තර දීමට ඇති හොදම ක්‍රමය අපහාස නඩුවක් ගොණු කිරීම

Ravi-Karunanayake 2

පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා තමාට විරැද්ධව ඉදිරිපත් කර තිබෙන මුල්‍ය වංචා චෝදනාව සම්බන්ධවෙන් ප්‍රති උත්තර දීමට ඇති හොදම ක්‍රමය ඔහුට විරැද්ධව අපහාස නඩුවක් ගොණු කිරීම යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

අද (16) මුදල් අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

පැවති මහින්ද රාජපක්ෂ රජය සමයේ කරන ලද මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින උදය ගම්මන්පිල මහතා ලැජ්ජා නැතිව තමන්ට ඇගිල්ල දිගු කරන බවට හෙතෙම චෝදනා කළේය.

තමා කළ බවට චෝදනා කරනු ලබන ගණුදෙනුව සම්බන්ධයෙන් අධිකරණය නිකුත් කරන ලද ලියවිලි ඇතුළු සියලු ලියවිලි තමා සතුව පවතින බවද අමාත්‍යවරයා සදහන් කළේය.

තමා මේ සම්බන්ධයෙන් බොහෝ සිත් වේදනාවෙන් සිටින බවත් එවන් වංචා කිරීමෙන් දේශපාලනයට ඒමට කිසිසේත්ම තමාට අවශ්‍ය නැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පසුගිය කාලයේ සෘණ තත්ත්වයේ තිබූ ආර්ථිකය ගොඩනංවමින් වත්මන් රජය පිරිසිදුව කටයුතු කරන විට මෙවැනි විවිධ චෝදනා ගෙන එන බවත් ඒ මහතා සදහන් කළේය.

එසේම මීට පෙර මූල්‍ය වංචාවකට චෝදනා ලැබ සිටින වංචාකරුවෙක් සමග විවාදයක් කිරිමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නැතැයිද, ජනතාව වෙනුවෙන් මාධ්‍යයට පමණක් තමා උත්තර දීමට සූදානම් යැයිද කරුණානායක මහතා අවධාරණය කළේය.