නොදන්නා දේ කතා නොකර දන්නා දේ කතා කරනවානම් නම් උත්තර දෙන්න ලෑස්තියි: රවී කරුණානායක

Ravi 2

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් නොදන්නා දේ කතා නොකර දන්නා දේ තොරතුරු සහිතව කතා කරනවා නම් තමා උත්තර දීමට සූදානම් යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

අද (පෙබ 16) මුදල් අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා තමාට භාරදුන්නේ ණය බරෙන් පිරැණු රටක් බවද ඒ ණය පියවීමට රජයේ ආදායමද ප්‍රමාණවත් නොවූ බව හෙතෙම පෙන්වා දුන්නේය.

තම ධුර කාලයේදී රුපියල් බිලියන 1700ට තිබූ ණය බර රුපියල් බිලියන 9000 දක්වා වැඩි කර  ඒ මහතා වත්මන් රජය ගන්නා ලද ණය වලින් කුමක් කළේදැයි ප්‍රශ්න කිරීම අසාධාරණ බවද අමාත්‍යවරයා පැවසීය. එසේම හිටපු ජනාධිපතිවරයා අද පවසනුයේ ඒ මහතාගේ කාලයේදී පුද්ගලිකව සාක්කු වලට ගිය මුදල් පිළිබදව බවටද අමාත්‍යවරයා චෝදනා කළේය.