ස්වාධීන මාධ්ය නියාමන යාන්ත්රණයක්

gayantha-karunathilaka

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනු අත්සනක් නොමැතිව කිසිදු ලියවිල්ලක් තමා නිකුත් නොකරන්නේ යැයි ජනමාධ්‍ය ප්‍රවෘත්ති හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සදහන් කළේය.

ස්වාධීන මාධ්‍ය නියාමන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර තිබෙන ලියවිල්ල සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතා ඊයේ (14) ප්‍රකාශ කර තිබිණි.

තමන් පුරුද්දක් වශයෙන් ලේකම්වරයාගේ  අත්සන සහිත ලියවිලි පමණක් තමා නිකුත් කරන බවත් විෂයභාර අමාත්‍යවරයා ව‍ශයෙන් මෙම කොමිසම තමන්ගේත් අමාත්‍යාංශ ලේකම්වරයාගේත් සම්පුර්ණ අනුදැනුම මත ක්‍රියාත්මක වු බවත් අමාත්‍යවරයා පැවසීය.

එසේම අදාළ  කොමිසම ස්ථාපිත කිරීම සම්බන්ධ පත්‍රිකාව ඉකුත් නොවැම්බර් මස 22 වන දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවත් එහි ඇති කාලින බව සහ අවශ්‍යතාවය මත එය ඒකමතිතකව සම්මත වු බවත් මහජනතාව ද මෙම කොමිසම සම්බන්ධයෙන් බොහෝ උනන්දුවෙන් අදහස් ලබා දුන් බවත් මෙහිදි කරුණාතිලක මහතා පැවසීය.

ඊයේ (15) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.