මල් මාලා පපර බෑන්ඩ් නැතිව ලෝක කුසලාන සිහිනය ජයගත් ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම

disable crickters

සිය සිතේ සවියේ බල මහිමය විදහා දක්වමින් ලෝක කුසලාන සිහිනය ජයගත් ශ්‍රී  ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට්  කණ්ඩායම  ඊයේ (15) අලුයම මව්බිමට ළගා විය.  

ජාත්‍යන්තර කීර්තියක් රැගෙන මෙරටට පැමිණි මෙම පිරිස පිළිගැනීම සඳහා දේශපාලන බලධාරීන් හෝ වගකිවයුතු මට්ටමේ රාජ්‍ය නිලධාරීන් කිසිවෙකුත් සහභාගී නොවූ බව වාර්තා වේ. 

පුහුණුවීම් සඳහා ක්‍රීඩාංගන පහසුකම් ලබා ගැනීමේදී සහ ගුවන් ටිකට් පත් සකස් කර ගැනීම සම්බන්ධයෙන්  උද්ගත වූ ගැටලූ රැසක් හේතුවෙන් මෙවර ඉන්දියාවේ පැවති පන්දුවාර විස්සයි විස්ස දෘෂ්‍යාබාධිත  තරගාවලියට සහභාගි වීම ද ඔවුන්ට අවිනිශ්චිත තත්ත්වයක් උද්ගත කර තිබුණි.

 කොළඹින් පිට ඈත ගම් දනව්වල සිටින දෘෂ්‍යාබාධිත  ක්‍රීඩකයින් සහ මානුෂීය මෙහෙයුමේදී  ආබාධවලට ලක් වූ සෙබළුන් ද  මෙවර ඉන්දියාවේ පැවති පන්දුවාර විස්ස දෘෂ්‍යාබාධික ලෝක කුසලාන ක්‍රිකට්  තරගාවලියට සහභාගී වී ඇත. 

අවසන් පූර්ව වටය දක්වා පිවිසි ශ්‍රී  ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම මෙහිදී නව ලෝක වාර්තා දෙකක් පිහිටුවීමටද  සමත් වී ඇත. 

එසේම සුරංග සම්පත් ශතක 5ක් රැස් කරමින් බී තුන කාණ්ඩයේ තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ ලක් මාතාවට තවත් ගෞරවයක් අත්කර දෙමිනි.