ඉංගිරිය බෝධිනාගල තානායමක් තුළදී සිය අනියම් බිරිඳව තියුණු ආයුධයකින් කපා බරපතල තුවාල සිදුකිරීමෙන් අනතුරුව ගෙල කපාගෙන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන්ගෙන් සහයෙන් රෝහල්ගත කළ බව ඉංගිරිය පොලිසිය කියයි

WhatsApp Image 2024-03-18 at 16.46.51

ගල්පාත චන්දන පෙරේරා

ඉංගිරිය බෝධිනාගල තානායමක් තුළදී සිය අනියම් බිරිඳව තියුණු ආයුධයකින් කපා බරපතල තුවාල සිදුකිරීමෙන් අනතුරුව ගෙල කපාගෙන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන්ගෙන් සහයෙන් රෝහල්ගත කළ බව ඉංගිරිය පොලිසිය කියයි

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ ඉංගිරිය පෝරුව දණ්ඩ පැල්පිටිගොඩ පදිංචිව ඩි එම් මදුකා (40) හා ඇයගේ අනියම් සැමියා බව කියන පිළියන්දල ප්‍රදේශයේ පදිංචි ප්‍රේමසිරි (49) නැමැත්තෙකි
අද පෙරවරු 10ට පමණ පිරිමි පුද්ගලයා තානායමට තනිවම පැමිණ කාමර අංක එක වෙන්කරවාගෙන ඇති අතර ඊට විනාඩි 20 කට පමණ පසු
කාන්තාව ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් තානායම කරා පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

පැයකට පමණ පසු කාන්තාව පැමිණි ස්කූටි වර්ගයේ යතුරුපැදියෙන් පිරිමි පුද්ගලයා තානායම් භූමියෙන් වේගයෙන් පිටව යන අයුරු කළමනාකරුගේ නෙත ගැටී මද වේලාවකදී දරුණු කැපුම් තුවාල සහිතව කාන්තාව තානායමේ පිළිගැනීමේ කවුන්ටරය අසලට මේ වැගිරෙන තුවාල සහිතව පැමිණ පුටුවක වාඩි වී ඇතැයි පොලිසිය කියයි

අනතුරුව කළමනාකරු ඒ සම්බන්ධයෙන් පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව
පොලිස් නිලධාරීන් පැමිණ 1990 සුව සැරිය ගිලන් රථයෙන් කාන්තාව හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත

එම සිද්ධිය වී පැයක් යාමට මත්තෙන් ඉංගිරිය බවුන්ඩර් පාර වන රොදක පිහිටි ඇලක් අසල ගෙලෙහි කැපුම් තුවාල සහිත
පුද්ගලයකු වැටී සිටින බවට ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරිසක වසන්ත චන්ද්‍රලාල් මහතාට ලද තොරතුරකට අනුව එහි ගිය පොලිස් නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහයෙන්
එම පුද්ගලයා ද 1990 සුවසැරිය ගිලන් රථයෙන් කරන මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත

එලෙස ගෙල කපාගෙන තිබූ පුද්ගලයා තානායමට පැමිණ කාන්තාවගේ යතුරුපැදිය රැගෙන ගිය පුද්ගලයා බවට හඳුනාගත් බව පොලිසිය කියයි

බරපතළ තුවාල ලද ඔවුන් දෙදෙනාම බිරිඳගෙන් සහ ස්වාමිපුරුෂයාගෙන් වෙන්ව ජීවත් වන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

බරපතළ තුවාල ලද පුද්ගලයා සිය අනියම් බිරිඳ මිය යන්නට ඇති බව සිතා ඔහුද ගෙල කපාගෙන සියදිවි නසා ගැනීමට උත්සාහ දරා තිබූ බව පොලිසිය කියයි

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෙනුවට වැඩ බලන සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න
සහකාර පොලිස් අධිකාරි සම්පත් බණ්ඩාර මහත්වරුන්ගේ උපදෙස් මත ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රලාල් මහතා පරීක්ෂණ පවත්වයි