හොරණ බැංකු කොල්ලයේ සැකකාර ආරක්ෂක නිලධාරියා යළි රිමාන්ඩ්……

News Iamges.00_00_00_00.Still2756

හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 3.5ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම බැංකුවේ ආරක්ෂක නිලධාරියා ජුනි 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණී විධානගමගේ මහත්මිය විසින් එම නියෝගය නිකුත් කළාය.

එමෙන්ම, සැකකරුට අයත් යතුරුපැදිය අධිකරණ නියෝගය අනුව භාරදීමට කටයුතු කරන ලෙසත්, සිද්ධියට අදාළ ආරක්ෂිත කැමරා දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

එහිදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ සැකකරු, සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සහකාර කළමනාකරු සමග සමීප සබඳතා පවත්වා ඇති බවය.

මේ අතර සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්, ඔහු සිද්ධියට සම්බන්ධ නොවන බව පවසමින් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් කැඳවන ලෙස ඉල්ලා තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදු කරයි.