හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුට අයත් අත්තනගල්ල ප්‍රදේශයේ ඉඩමකින් T-56 ගිනි අවියක්, මැගසින් දෙකක්, පතොරම් 130ක් හා බෝර 12 ගිනි අවියක් සොයා ගෙන තිබෙන අතර, ඒ අනුව ඉඩම් හිමිකරු වන මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

