අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2026 ජනවාරි 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ සැකකාර හිටපු අමාත්‍යවරයා අද (28) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය මගින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව 26වනදා ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලට අදාළවය.
එම අවියේ අංක පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, අදාළ ගිනිඅවිය දේවානන්දා මහතා වෙත නිකුත් කර තිබූ එකක් බවය.
ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අවිය අස්ථානගත වූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට අපොහොසත් වී ඇති අතර ඒ අනුව හිටපු අමාත්‍යවරයා මෙසේ අත්අඩංගුවට ගනු ලැබීය.

