හැටන් සිට වික්ටර්න් වත්තට යන පාර පාලමක් ගිලා බැහැලා අවුරුද්දයි අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් තවමත් විසඳුම් නෑ මහජනතාවගෙන් මැසිවිලි .
ඊයේ දිනය මෙම ප්‍රවෘත්තිය විකාශනය වීමත් සමගම අඹගමුව ප්‍රාදේශීය සභා සමගි ජන බලවේග සභාපති කපිල නාකන්දල මහතා අද දින එම ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණියාය .
එතුමා වැඩිදුරටත් පවසා සිටියේ මෙම පාලම සුද්දාගේ කාලයේ නිර්මාණය කරන පාලමක් බවත් මෙය නවීකරණය කිරීමට විශාල මුදලක් සභාවෙන් වැය කිරීමට සිදුවන බවත් අගෝස්තු මස පලවන දින දිස්ත්‍රික් කමිටු රැස්වීම පැවැත්වීමට නියමිත බැවින් මෙම ගැටලුව එම කමිටුවට ඉදිරිපත් කර ඉතා ඉක්මන් විසඳුමක් වික්ටර්න් වතුයායේ ජනතාවට සලසා දෙන බවයි.


