හරිත බලශක්ති ආර්ථිකයකට කඩිනමින් යොමුවීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

ranil-bbx

හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, මින්නේරිය වෝල්ටා ඔටෝ ටෙක් ඉංජිනියරින් ආයතනය විවෘත කිරීම වෙනුවෙන් අද (02) පැවැති උත්සවයට එක්වෙමින්.

රටේ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස විද්‍යුත් යතුරු පැදි සහ ත්‍රී රෝද රථවල අවශ්‍යතාවය පවතින මෙවැනි යුගයක එකලස් කරන ලද ට්‍රැක්ටර් , විද්‍යුත් යතුරුපැදි හා ත්‍රීරෝද රථ අද සිට මිලදී ගැනීමට වෝල්ටා ඔටෝ ටෙක් ඉන්ජිනියර්න්ස් ආයතනය මගින් පහසුකම් සලසා තිබෙනවා.