හපුතලේ, අයිස්පීල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.
ඒ අනුව පුද්ගලයින් 05 දෙනෙකු විසින් කණ්ඩායමක් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක් වූ ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.
වෙඩි තබා පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හපුතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

