හන්තානේ අතරමං වූ වෛද්‍ය සිසුන් පිරිස බේරාගැනේ

hanthana

හන්තාන කඳුවැටියේ අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු බේරාගෙන තිබෙනවා.

ඒ අනුව පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් ඔවුන් අතරමංව සිට ඇති බවයි සඳහන් වන්නේ.

පසුව යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකින් පසු ඔවුන් පිරිස මුදාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.