සෞඛ්‍ය ගැටලු ගැන විසඳුම් සෙවීමට වැඩබලන මුදල් ඇමති හා සෞඛ්‍ය ඇමති අතර හමුවක්

shehan-semasinghe-new

වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අතර හමුවක් අද (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කර විසඳුම් සෙවීම සඳහා මෙම හමුව පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.