සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළට

liquor

වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු ජනවාරි 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව තල් අරක්කු හැර ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් මිලියන 25ක් දක්වා ඉහළ දමා ඇති අතර, තල් අරක්කු ස්කාගාර බලපත්‍රය රුපියල් මිලියන 5ක් දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

රා බෝතල් කිරීමේ බලපත්‍රය රුපියල් මිලියන 10 දක්වා ඉහළ දමා ඇති අතර, විනාකිරි නිෂ්පාදනාගාර බලපත්‍රයද මිලියන 2.5 ක් දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

65a35d441d6b7 65a35d43ea66f 65a35d4386967