සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා ගාස්තුවක් අය කිරීමට අවධානය

sisu-sariya

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා වැය වන සම්පූර්ණ වියදම රජයට දැරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව, සිසුසැරිය බස්රථ සේවාව සැපයීමේ දී අදාළ ගාස්තුවෙන් 70% ක් රජයෙන් ලබා දීමටත්, ඉතිරි 30% ක අගය දෙමාපියන්ගෙන් අයකර ගැනීමටත් සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එම ගෙවීම හෝ සිදුකර ගැනීමට නොහැකි දෙමාපියන් සිටී නම්, එනම් දිළිඳු සහනාධාර ලබන පවුල්වල දරුවන් සඳහා කිසිදු අය කිරීමකින් තොරව එම සේවාව ලබාදීමට තීරණය කර ඇති බවද සඳහන්. මෙලෙස 30% ක් හෝ අයකර ගැනීමට නොහැකි වුවහොත් සිදුවන්නේ එම සේවාව සම්පූර්ණයෙන්ම නවතා දැමීමට බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.