සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියාකාරීව දායක විය යුතුයි – එස්. ජයිශංකර්

jayashankar

ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියාකාරීව දායක වියයුතු බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් පවසනවා.

කොළඹ දී පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට අවස්ථාව ලබාදීම සඳහා ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සිය මූල්‍ය සහතිකය ලබාදුන් බවයි.

එසේම බලශක්තිය, සංචාරක ව්‍යාපාරය සහ යටිතල පහසුකම් වැනි මූලික ක්ෂේත්‍රවල ශ්‍රී ලංකා ආර්ථිකයේ වැඩි ආයෝජන සඳහා ඉන්දියාව කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ පළාත් මැතිවරණ කඩිනමින් පැවැත්වීම යන කාරණා බලය බෙදීම සහ ස්ථාවරත්වය සඳහා ඉතා වැදගත් බවද ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළා.