චීනයේ සිනොපෙක් සමාගම සැප්තැම්බර් මාසයේ 20 වනදා මෙරට ඉන්ධන අලෙවි කිරීමේ කටයුතු ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව මේ වන විට එම සමාගම බෙදුම්කරුවන් 115 ක් සමඟ ගිවිසුම් අත්සන් කර ඇති බවත්, ඉදිරි දින කිහිපය තුළ බෙදුම්කරුවන් 150 ම සමග ගිවිසුම් අත්සන් කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවට එම සමාගම දැනුම් දී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
දැනට වෙළෙඳපොළේ ඉන්ධන අලෙවි කරන උපරිම මිලට වඩා අඩු මිලකට ඉන්ධන අලෙවි කිරීමට එම සමාගම කටයුතු කරනු ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩි දුරටත් සඳහන් කළේ.

