රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා applications.doenets.lk/exams වෙබ් අඩවිය වෙත පිවිස විභාගය සඳහා අයැදුම්පත් යොමු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියේ. මේ සඳහා 2023 පෙබරවාරි 10 වනදා දක්වා කාලය ලබාදී තිබෙනවා.


