සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරි අතපත්තු​ට

chamari-athapaththu-icc

සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා වන සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු විසින් දිනාගෙන තිබෙනවා.

එංගලන්තයට එරෙහිව පැවති තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම සම්මානය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී චමරි ලකුණු 114 ක් රැස් කරමින් කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණා.