සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 වැනිදා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් – අධ්‍යාපන ඇමති

exam-new-1

සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වනදා ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

ඒ අනුව දින 10 කදී සාමාන්‍ය පෙළ අවසන් කිරීමට කටයුතු කරන බවයි අද (25) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අද දිනයේ සුභවාදී ප්‍රතිචාරයක් ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු වන බවත් ප්‍රශ්න පත්‍ර 10 ක ආචාර්යවරු ඊයේ (24) දිනයේ එම කටයුතු ආරම්භ කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.