සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන මාර්තු 18 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දිවයින පුරා මධ්‍යස්ථාන 3,269 දී විභාගය පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කළේ.
එම විභාගය සඳහා පෙනී සිටින සියලුම අපේක්ෂකයින් සඳහා වන ප්‍රවේශ පත්‍ර පෞද්ගලිකව බාගත කළ නොහැකි වන අතර තම පාසැල් මඟින් එම කාර්ය සිදුකළ යුතු බවයි විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ.

