සතොස නඩුවෙන් ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකු නිදහස් කරයි

jons

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවකින් ඔවුන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතු වල යොදවා රජයට පාඩුවක් සිදුකළ බවට ඔවුන්ට චෝදනා එල්ලවී තිබුණා. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් විසින් අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබූ අතර එම මූලික විරෝධතාව පිළිගත් විනිසුරුවරයා ඔවුන් නිදහස් කරන ලෙස නියෝග කර තිබෙනවා.