වැඩි මිලට විකිණීම සඳහා 60,000කට ආසන්න බිත්තර තොගයක් සඟවා ගෙන සිටි ජාඇල, දඬුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ ගබඩාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
අධිකරණයට කරුණු වාර්තා කර අදාළ බිත්තර තොගය සම්බන්ධයෙන් අද (03) තීන්දුවක් ගන්නා බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ.
සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමිට අයත් ජාඇල, දඬුගම ප්‍රදේශයේ බිත්තර ගබඩාවට මෙලෙම මුද්‍රා තබා ඇති බවයි සඳහන් වන්නේ.

